බැකෝ සමන්ගේ බිරිඳට ඇප

රිමාන්ඩ් භාරයට පත් කර සිටි බැකෝ සමන් නමැත්තාගේ බිරිඳ වන ශාධිකා ලක්ෂානී නමැත්තිය ඇප මත මුදා හරින ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළා.

සැකකාරියගේ ඇප නියෝගය ප්‍රකාශයට පත් කරමින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම මහතා මෙම නියෝගය නිකුත් කළා.

විෂ මත්ද්‍රව්‍ය පනතේ 54( 1 ) වගන්තිය යටතේ සැකකාරිය රිමාන්ඩ් භාරයට පත් කිරීමට තරම් සෑහීමකට පත් විය හැකි කරුණු පැමිණිල්ල විසින් අධිකරණයට ඉදිරිපත් කර නොමැති බැවින් සැකකාරිය ඇප මත මුදා හරින බව මහේස්ත්‍රාත්වරයා නියෝග කළා.