මොරගහහේන නගරය ආසන්නයේදී ඊයේ (03) දින සවස තීරෝද රථයක් පෙරළී මෝටර් රථයක ගැටී සිදුවූ අනතුරින් තීරෝද රථ රියදුරු මිය ගිය බව මොරගහහේන පොලිසිය පවසනවා.
අනතුරින් මිය ගොස් ඇත්තේ, හෝමාගම ප්‍රදේශයේ පදිංචිව සිටි 46 හැවිරිදි පුද්ගලයෙක්.
මියගිය තීරෝද රථ රියදුරු හොරණ දෙස සිට මොරගහහේන නගරය දෙසට පැමිණීමේදී එකවරම නගරය ආසන්නයේදී තීරෝද රථයේ පෙරළී ප්‍රතිවිරුද්ධ දිසාවට ඇදී ගොස් මොරගහහේන සිට හොරණ දෙසට ධාවනය මෙන් තිබූ මෝටර් රථයේ ගැටී ඇතැයි පොලිසිය පවසනවා.
අනතුර සිදුවන ආකාරය සීසීටී වී කැමරාවකද සටහන් වී ඇත.
බරපතල තුවාල ලද තීරෝද රථ රියදුරු හොරණ මූලික රෝහලට ඇතුළත් කිරීමේදී මිය ගොස් ඇති අතර ඔහුගේ ඉස ප්‍රදේශයට බරපතල තුවාල සිදුව තිබූ බව රෝහල් ප්‍රකාශකයකු පැවසුවා.
