හල්දුම්මුල්ල, සොරගණේ ප්‍රදේශයේ දී ඊයේ (23) සවස ලංගම බස් රථයක් සහ පෞද්ගලික බස් රථයක් මුහුණට මුහුණ ගැටී අනතුරක් සිදුව තිබෙනවා.
අනතුර සිදුව ඇත්තේ, හපුතලේ සිට කිරවනාගම දක්වා ධාවනය කළ පෞද්ගලික බස් රථයක් හා කිරවනාගම සිට බණ්ඩාරවෙල දක්වා ධාවනය වූ ලංගම බස් රථයකි.
අනතුරින් බස් රථවල ගමන්ගත් මගීන් 06 දෙනෙකු තුවාල ලබා හල්දුම්මුල්ල දිසා රෝහල වෙත ඇතුළත් කර ඇත.
