බිහිසුණු ලංගම බස් අනතුර – 4ක් මරුට, 40කට තුවාල

අම්බලන්තොට – කතරගම ප්‍රධාන මාර්ගයේ වීරවිල තුරුසෙවණ මංසන්ධියේ සිදුවූ බස් අනතුරකින් පුද්ගලයින් 4දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. තවත් පිරිසක් තුවාල ලබා රෝහල්ගතකර ඇති බවයි වාර්තා වන්නේ.

කොළඹ – කතරගම ධාවනය බස් රථයක් සහ තිස්ස සිට කරාපිටිය බලා ධාවනය වන ලංගම බස්රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් අනතුර සිදුව ඇති බවයි පොලීසිය පවසන්නේ.