බීමත්ව පාසල් ළමුන් ප්‍රවාහනය කළ බස් රථ රියදුරෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඊයේ (19) දහවල් කාලයේ කටුපොත පොලීසියේ රථවාහන අංශයේ නිලධාරීන් විසින් කටුපොත නගරයේදී සිසු සැරිය බස් රථයක් පරීක්ෂාවට ලක්කර ඇත.
එහිදී බස්රථයේ රියදුරු බීමත්ව සිටින බවට අනාවරණය වීමෙන් පසු ඔහු අත්අඩංගුවට ගැනීමට කටයුතු කර ඇත.
අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 52ක් වූ රදලියගොඩ, කටුපොත ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
එම අවස්ථාවේ දී බස්රථය තුළ පාසල් ළමුන් 16 දෙනෙකු සහ මව්වරුන් දෙදෙනෙකු ගමන් කරමින් සිට ඇති අතර අදාල බස් රථයද පොලිස් භාරයට ගෙන ඇත.
සැකකරු අද (20) නාරම්මල මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.
මේ වනවිට ශ්‍රී ලංකා පොලීසිය බීමත් රියදුරන් අත්අඩංගුවට ගැනීමට හා රථවාහන වැරදි සම්බන්ධයෙන් නිරන්තරවම මෙහෙයුම් සිදුකරනු ලබයි.
