බුත්තල මොණරාගල ප්රධාන මාර්ගයේ බුත්තල පොලිස් බල ප්රදේශයට අයත් බුත්තල සතිපොල ආසන්න ප්රදේශයේ දී කැබ් රථ දෙකක් සහ ගොයම් කපන යන්ත්රයක් ප්රවානය කල ට්රැක්ටර් රථයක් එකිනෙක ගැටීමෙන් ඊයේ රාත්රී රිය අනතුරක් සිදු වී තිබෙනවා.
මෙම අනතුරින් එක් කැබ් රථයක රියදුරු කැබ් රථය තුළ සිරවී ඇති අතර එම රියදුරු බේරාගැනීම දැඩි පරිශ්රමයක් දැරීමට සිදුවූ බවයි පොලිසිය පවසන්නේ. පසුව බේරාගත් රියදුරු බුත්තල ප්රාදේශීය රෝහලට ඇතුලත් කිරීමෙන් පසු වැඩිදුර ප්රතිකාර සදහා මොණරාගල දිස්ත්රික් මහ රෝහලට මාරු කර යවා තිබෙනවා.
අනතුරින් වාහන තුනටම දැඩිලෙස අලාභ හානි සිදු වී තිබෙනවා. අනතුර සම්බධයෙන් බුත්තල පොලිසිය විමර්ශන කටයුතු සිදුකරනවා.
