ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් බෙල් – 212 හෙලිකොප්ටර් යානයක් අද උදේ මාදුරුඔය ප්‍රදේශයේදි අනතුරකට ලක්ව තිබෙනවා.
ගුවන් හමුදාව පවසන්නේ අද පැවැත්වීමට නියමිතව තිබු යුද හමුදා විශේෂ කාර්ය බලකායේ විසිර යාමේ පෙළපාලියක පූර්ව සූදානම් කටයුතුවල නිරතව සිටියදි මෙම අනතුර සිදුව ඇති බවයි.
යානය මාදුරුඔය ජලාශයට කඩාවැටී ඇති බවයි වාර්තා වන්නේ.
අනතුරට පත්වුවන් මුදාගැනීමේ මෙහෙයුම් ක්‍රියාත්මක බව ගුවන් හමුදාව සඳහන් කළා.
මෙම අනතුරත් සමඟ විශේෂ කාර්ය බලකායේ විසිරයාමේ උත්සවය නතර කිරීමටද පියවර ගැණුනා.
