බො‍රැල්ලේ වෙඩිතැබීමෙන් පුද්ගලයෙකු මරුට

ඊයේ (07) දින රාත්‍රී කාලයේ බොරැල්ල, සිරිසර උයන ක්‍රීඩාංගණයේ රැඳී සිටි පිරිසකට යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් වෙඩි තබා පලා ගොස් තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් බොරැල්ල පොලිස් ස්ථානයට ලද තොරතුරක් මත විමර්ශන ආරම්භ කර ඇත.

වෙඩි වැදීමෙන් පුද්ගලයින් පස් දෙනෙකු තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුලත් කර ප්‍රථිකාර ලබමින් සිටියදී එක් පුද්ගලයෙකු මියගොස් ඇත.

මරණකරු වයස අවුරුදු 23 ක් වූ කැලණිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර තුවාලකරුවන් අවුරුදු 21,22 හා 23 වයස්වල පසුවන කොළඹ 09 ප්‍රදේශයේ පදිංචිකරුවන්.

මෙම වෙඩි තැබීම සඳහා ටී-56 වර්ගයේ ගිනි අවියක් භාවිතා කර ඇති බවට දැනට සිදු කරන ලද විමර්ශන අනුව පොලිසිය සැකකරනවා.

වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර සිද්ධියට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා බොරැල්ල පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.