බොහෝ ප්‍රදේශවලට වියලි කලගුණයක්

බස්නාහිර, සබරගමුව සහ උතුරු පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇති විය හැක. ඌව, නැගෙනහිර සහ උතුරු මැද පළාත්වල ප.ව. 2.00 න් පමණ පසු ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියාවක් පවතී. දිවයිනේ සෙසු ප්‍රදේශවලට වැසි රහිත කාලගුණ තත්වයක් පවතී.

දෘශ්‍ය ලෙස සූර්යයා දකුණට ගමන් කිරීමේදී, අගෝස්තු මස 28වන දින සිට සැප්තැම්බර් 07 දක්වා ශ්‍රී ලංකා ආසන්න අක්ෂාංශ වලට ඍජුවම ඉහළින් පවතී. අද දින (06) දහවල් 12.08 ට අහුන්ගල්ල, ඇල්පිටිය, අමුගොඩ, තවලම, දෙනියාය, උූරුබොක්ක, ඇඹිලිපිටිය, සූරියවැව්, බෙරලිහෙල සහ ගල්කුඩුව ප්‍රදේශවලට හිරු මුදුන්ව පවතී.