කොංගෝ ප්රජාතන්ත්රවාදී ජනරජයේ දින දෙකක් ඇතුළත සිදුවූ බෝට්ටු අනතුරු දෙකකදී පුද්ගලයින් 200 යකට ආසන්න සංඛ්‍යාවක් මිය ගොස් ඇති බව, විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. බ්‍රහස්පතින්දා දින සිදු වූ එක් බෝට්ටු අනතුරකදී පුද්ගලයින් 107 මියගොස් තවත් 186 දෙනෙකු අතුරුදහන් වී ඇති බවයි බලධාරීන් පවසන්නේ.
මෙම බෝට්ටුව කොංගෝ නදියේ යාත්‍රා කරමින් සිටියදී අනතුරට ලක්ව තිබෙනවා. අනතුර සිදුවන අවස්ථාවේදී එහි මගීන් 500කට අධික සංඛ්‍යාවක් සිට ඇති බවයි වාර්තා වන්නේ. බලධාරීන් විසින් සිදුකරන ලද මූලික පරීක්ෂණය වලින් හෙළි වී ඇත්තේ ප්‍රමාණය ඉක්මවා මගින් රැගෙන යාම හේතුවෙන්, බෝට්ටුව පෙරළී යාමකට ලක්ව ඇති බවයි.
මෙම අනතුර සිදුවීමට දිනකට පෙර එනම් බදාදා දිනයේදී ද බසන්කුසු ප්‍රදේශයේ තවත් බෝට්ටුවක් පෙරළී යාමෙන් පුද්ගලයින් 86 දෙනෙකු මිය ගොස් තිබූ බවට එරට මාධ්‍ය වාර්තා කර තිබුණා. කොන්ගෝ ජනරජයේ බෝට්ටු අනතුරු බහුලව සිදුවනවා, එයට හේතුව ලෙස විදෙස් මාධ්‍ය වාර්තා වල සඳහන් වන්නේ, බෝට්ටු ඉතා දුර්වල අනාරක්ෂිත මට්ටමේ තිබීම, ප්‍රමාණයට ඉක්මවා මගින් පැටවීම සහ ජීවිතාරක්ෂක කබා නොමැති වීම යන හේතූන්.
