බෝඩිං කාමරයකින් කාන්තා මළසිරුරක් හමුවෙයි

මීගවත්ත, දෙල්ගොඩ ප්‍රදේශයේ බෝඩිං කාමරයක් තුළ සැකකටයුතු ලෙස කාන්තාවක් ඊයේ (21) මිය ගොස් ඇති බවට මීගහවත්ත පොලිස් ස්ථානයට ලද පැමිණිල්ලක් මත විමර්ශන ආරම්භ කර ඇත.

මරණකාරිය වයස අවුරුදු 49ක් වූ දෙල්ගොඩ ප්‍රදේශයේ පදිංචිකාරියක්.

මෙම කාන්තාව නවාතැන්ගෙන සිටි කාමරයෙන් දුඟදක් හැමීම හේතුවෙන් කුලී කාමරයේ හිමිකරුවන් සිදුකළ සොයා බැලීමේදී එම කාමරයේ තිබී මෙම කාන්තාවගේ මෘත ශරීරය හමුවී තිබෙනවා.

මරණයට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර මීගහවත්ත පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනවා.