මත් කරල් තොගයක් සමඟ කතක් අත්අඩංගුවට

රුපියල් ලක්ෂ පහකට අධික වටිනා මත් කරල් තොගයක් සමඟ කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එම සැකකාරිය සමඟ මත්කරල් 5000 ක් හා එම ජාවාරමෙන් උපයා ගත් මුදල් රුපියල් 134000/= ක් පොලිස් භාරයට ගෙන ඇත.

දෙහිවල ඕබන් පෙදෙසේ දෙමහල් නිවසක පදිංචි මෙම කාන්තාව මත් කරල් අලෙවියේ යෙදෙන බවට ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයට ලද තොරතුරකට අනුව උපාය දූතයෙකු යොදවා සැකකාරිය වෙත රුපියල් 1000/= ක් ලබාදී මත්කරල් මිලදී ගැනීමෙන් අනතුරුව නිවස වටලා සිදුකළ සෝදිසියේදී නිවසේ කාමරයක අල්මාරියක සඟවා තිබූ මෙම මත්කරල් තොගය සොයාගැනීමට හැකිවූ බව පොලිසිය සඳහන් කළේ.

අත්අඩංගුවට ගත් සැකකාරිය මීට පෙර හෙරොයින් මත්කුඩු සමඟ පොලිස් අත්අඩංගුවට ගෙන අධිකරණ ඇප මත සිටින්නියක් බව පොලිසිය පවසනවා.

31 හැවිරිදි සැකකාරිය ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමටීමට නියමිතයි.