පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් විතාන මහතාගේ පුත් රසික බුද්ධික විතාන මහතා ලබන මස පළමු වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.
ඒ, මතුගම මහේස්ත්‍රාත් අධිකරණය ලබාදුන් නියෝගයකට අනුවයි.
ජිප් රථයක ලියකියවිලිවල අපැහැදිලිතාවයක් සහ එම රථයේ වෙනස්කම් සම්බන්ධයෙන් රසික බුද්ධික විතාන මහතා ඊයේ අත්අඩංගුවට ගැනුණා.
ඒ, වලාන මධ්‍යම දූෂණ ප්‍රහාරක ඒකකය මගින්.
ඔහු අද මතුගම මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කෙරුණා.
එහිදී මතුගම ප්‍රධාන මහේස්ත්‍රාත් අසංකා හෙට්ටියාවත්ත මහත්මිය නියෝග කළේ, සැකකරු ලබන පළමු වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටයි.
