වෙඩි තබා මනුෂ්‍ය ඝාතනයකට ආධාර අනුබල දුන් සැකකරුවෙකු ඊයේ (13) දින පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
2025.07.03 වන දින රාත්‍රී කාලයේ රාගම පොලිස් වසමේ බටුවත්ත ග්‍රාම සංවර්ධන මාවත ප්‍රදේශයේදී සිදුකල වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මියයාමේ අපරාධය සම්බන්ධයෙන් කැලණිය කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය මගින් විමර්ශනයක් ආරම්භ කර තිබුණා.
ඒ අනුව 2025.07.13 වන දින සවස් කාලයේ කැලණිය කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් මෙම අපරාධය සිදු කිරීම සඳහා පැමිණි යතුරුපැදියේ පැදිකරු අපරාධය සඳහා යොදා ගත් යතුරු පැදිය හා ජංගම දුරකතනයක් සමග අත්අඩංගුවට ගෙන රාගම පොලිස් ස්ථානය වෙත ඉදිරිපත් කර ඇත.
සැකකරු වයස අවුරුදු 30 ක් වන ගනේමුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
රාගම පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනවා.
