මනුෂ්‍ය ඝාතනයකට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට

2025.06.26 වන දින දහවල් කාලයේ මහව පොලිස් වසමේ දිය බැටේ කැළෑබඳ ප්‍රදේශයේ කාර් රථයක් තුළ පිළිස්සී මියගිය පිරිමි මෘත ශරීරයක් හමු වීම සම්බන්ධව මහව පොලිසිය විසින් විර්මශන ආරම්භ කර තිබූ අතර විමර්ශනය අනුව මෙය මනුෂ්‍ය ඝාතනයක් බවට අනාවරණය වී ඇත.


මේ සම්බන්ධව වයඹ පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ උපදෙස් පරිදි පොලිස් කණ්ඩායම් කිහිපයක් යටතේ විමර්ශන ආරම්භ කරන ලදී.


මරණකරු, තම මෝටර් රථයෙන් ගමන් කරමින් සිටියදී සැකකරුවන් විසින් පැහැර ගෙන ගොස් ඝාතනය කර මරණකරු සන්තකයේ තිබූ රන් භාණ්ඩ, ජංගම දුරකථනය හා මුදල්ද රැගෙන පලා ගොස් ඇති බවට දැනට සිදු කරන ලද විමර්ශනයේදී අනාවරණය වී ඇත.

ඒ අනුව, රුපියල් ලක්ෂ 14 කට වැඩි මුදල් ප්‍රමාණයක්ද, ලක්ෂ 48 ක පමණ වටිනාකමක් ඇති රන් ආභරණ සමඟ 2025.06.29 වන දින දොරටියාව සහ මහව ප්‍රදේශයේදී සිද්ධියට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙකු මාවතගම පොලිස් ස්ථානාධිපතිවරයා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන මහව පොලිස් ස්ථානය වෙත ඉදිරිපත් කර ඇත.


සැකකරුවන් වයස අවුරුදු 19 හා 27 වයස් වල පසුවන මහව සහ පිලැස්ස ප්‍රදේශයේ පදිංචිකරුවන් වේ.
මහව පොලිසිය මඟින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.