කරන්දෙණිය, ඉහළ කිරිපේද්ද ප්‍රදේශයේදී ඊයේ (05) දින සවස් කාලයේ පුද්ගලයෙකු සැකකටයුතු ලෙස මියගොස් තිබෙනවා.
කරන්දෙණිය පොලිස් ස්ථානය වෙත ලද පණිවිඩයක් මත විමර්ශන ආරම්භ කර තිබුණා.
මරණකරු වයස අවුරුදු 32ක් වූ ඉහළ කිරිපේද්ද, කරන්දෙණිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
මරණකරු 2026.01.04 වන දින රාත්‍රී තම නිවසේ සිටියදී ලද දුරකථන ඇමතුමක් අනුව මිතුරෙකු හමුවීමට යන බවට නිවැසියන්ට පවසා නිවසින් පිටව ගොස් ඇති අතර පසුව ඊයේ දින උදෑසන තියුණු ආයුධයකින් පහරදීම හේතුවෙන් ඝාතනයට ලක්ව සිටි එම පුද්ගලයාගේ මෘත ශරීරය ප්‍රදේශවාසින්ට හමුවී ඇත.
මෘත ශරීරය මහේස්ත්‍රාත් පරීක්ෂණයෙන් පසු පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා ඇල්පිටිය රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබෙනවා.
මෙම ඝාතනය සිදු කළ සැකකරුවන් හෝ ඝාතනයට හේතුව මෙතක් අනාවරණය වී නොමැති අතර සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා කරන්දෙණිය පොලිසියවැඩිදුර විමර්ශන සිදු කරනවා.
