මරණ 3කින් කෙළවර වූ විදුලි කප්පාදුව

ස්පාඤ්ඤයේ පසුගියදා සිදු වූ දැවැන්ත විදුලි කප්පාදුවත් සමඟ ඇති වූ ගැටලුකාරි තත්වයේ දී පුද්ගලයින් තිදෙනෙකු මිය ගොස් ඇති බව, එරට සිවිල් ආරක්ෂක බලකාය ප්‍රකාශ කරනවා.

විදුලි කප්පාදුවත් සමඟ රටපුරා ජනතාවට දැඩි අපහසුතා රැසකට මුහුණ පෑමට සිදු වුණා.

ගුවන් ගමන්, දුම්රිය සේවා සහ අත්‍යවශ්‍ය සේවා රැසකට බලපෑම් එල්ල වුණා.

රට තුළ නැවත විදුලි සැපයුම යථා තත්වයට පත් කිරීමේ දී දෝෂ සහිත විදුලි ජනක යන්ත්‍රයකින් කාබන් මොනොක්සයිට් වායුව ආග්‍රහනය වීමෙන් තිදෙනෙකු මිය ගිය බවයි, පොලිස් විමර්ශන එක්කය සඳහන් කරන්නේ.

ස්පාඤ්ඤයේ සහ පෘතුගාලයේ දෙදිනක් පුරා පැවති විදුලි කප්පාදුවට හේතුව තවදුරටත් විමර්ශන මට්ටමේ පවතින බව, බලධාරින් ප්‍රකාශ කරනවා.

මිය ගිය තිදෙනා එකම පවුලේ සාමාජිකයන් බවයි, වාර්තා වන්නේ.

මේ අතර, විදුලිය විසන්ධි වීමත් සමග ඉටිපන්දම් දල්වා ගැනීමෙන් හටගත් ගින්නකින්, මැඩ්ඩ්‍රිට් හි කාන්තාවක ද සිය නිවසේ දී මිය ගොස් ඇති බවයි, විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.