සමගි ජන බලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙකු ලෙස නෙයිනා තම්බි මාරික්කාර් මොහොමඩ් තාහීර් අද (05) දිවුරුම් දී තිබෙනවා.
ඒ කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා ඉදිරියේදී.
හිටපු මන්ත්‍රීවරයෙකු වූ මුහම්මදු ඉස්මයිල් මුත්තු මුහම්මදුගේ ඉල්ලා අස්වීම හේතුවෙන් පුරප්පාඩු වූ මන්ත්‍රී ධුරය පිරවීම සඳහා ඔහු මෙලෙස දිවුරුම් දී තිබෙනවා.
