ඊයේ (06) දින සවස් කාලයේ වාකරේ, කරුවප්පන්කේනි වැවේ ගිලී කුඩා දරුවන් තිදෙනෙකු මියගොස් තිබෙනවා.
වාකරේ පොලිසියට ලද පණිවිඩයක් මත විමර්ශන ආරම්භ කර ඇත.
මියගිය දරුවන් අවුරුදු 10 හා 11 වයස්වල පසුවන නඩුකුඩුඉරිප්පු ප්රදේශයේ පදිංචි දරුවෙකු හා දැරියන් දෙදෙනෙකි.
මෙම දරුවන් දෙමාපියන් සමග කරුවප්පන්කේනි වැව් ඉස්මත්තෙහි තාවකාලික කුඩාරම් තනා ගනිමින් ධීවර කටයුතු සහ කුඹුරු වන සතුන්ගෙන් ආරක්ෂා කරමින් සිට ඇති අතර දෙමාපියන් වැවෙහි ධීවර කටයුතු වල නියැලෙන අතරතුර මෙම දරුවන් තිදෙනා වැව ආසන්නයේ සෙල්ලම් කරමින් සිටියදී වැවේ තිබූ ජලය පිරි වළකට වැටී මෙලෙස මියගොස් ඇති බව සිදුකල විමර්ශනයේදී අනාවරණය වී ඇත.
මෘත ශරීර වාලච්චේන රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර වාකරේ පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.
