අට වෙනි යොවුන් මිහිකත තරගාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වූ මවිති පුන්සරණි එම තරගාවලියේ හොදම දේශිය ඇඳුම් නිර්මාණයට හිමි සම්මානය දිනාගත්තා.
තරගය පැවැත්වුණේ ඉන්දියාවේදි ජායිපූර් නුවරදි.
එම තරගාවලිය සඳහා වයස අවුරුදු 20 ට අඩු රටවල් 15 ක රූ රැජිණියන් 15 දෙනෙකු සහභාගි වුණා.
තරගය පැවැත්වුණේ අගෝස්තු 3 වැනිදා සිට 9 වැනිදා දක්වායි.
එහිදී 19 හැවිරිදි මවිති පුන්සරණි හොඳම දේශිය ඇදුම් නිර්මාණයට හිමි සම්මානය හිමිවුණා.
එම ඇදුම් නිර්මාණය ලාංකේය අනන්‍යතාව පිළිඹිඹු කෙරෙන නිර්මාණයක් වීම විශේෂත්වයක්.
ඇය පසුගියදා තරගාවලිය අවසන් කර කටුනායක ගුවන් තොටුපලට පැමිණියා.
ඇය පිළිගැනීම සඳහා යොවුන් මිහිකත රූ රැජිණ තරගාවලියේ ශ්‍රී ලංකා අධ්‍යක්ෂ රුක්මාල් සේනානායක මහතා ඇතුලු පිරිසක් එක්ව සිටියා.
