සෙවනගල, හබුරුගල බෝධිරාජ වැවේ ඊයේ (17) දින සවස් කාලයේ පුද්ගලයෙකු දියේ ගිලී මියගොස් තිබෙනවා.
සෙවනගල පොලිස් ස්ථානයට ලද පැමිණිල්ලක් මත විමර්ශනයක් ආරම්භ කර ඇත.
මරණකරු වයස අවුරුදු 42 ක්වූ මහගම ජනපදය, සෙවනගල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
මරණකරු හා තවත් පුද්ගලයෙකු ඉහත කී වැවේ මසුන් අල්ලමින් සිටියදී වළකට වැටී දියේ ගිලී මියගොස් ඇති බව සිදුකල විමර්ශනයේදී අනාවරණය වී ඇත.
මෘත ශරීරය ඇඹිලිපිටිය රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර සිද්ධිය සම්බන්ධව සෙවනගල පොලිසිය විමර්ශන සිදුකරනු ලබයි.
