මහනුවර සිදුවීම සම්බන්ධයෙන් පොලිසියෙන් වාර්තාවක්

මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ඊමේල් ලිපිනයට (26) වන දින ඊමේල් පණිවිඩයක් මගින් මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ස්ථාන 05ක බෝම්බ සඟවා ඇති බවට ලද පණිවිඩයක් සම්බන්ධයෙන් මහනුවර කෝට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාට කරන ලද දැනුම්දීමක් මත මහනුවර පොලිස් ස්ථානයේ නිලධාරින්, පොලිස් නිල සුනඛ කොට්ඨාසය, පොලිස් විශේෂ කාර්ය බලකා බෝම්බ නිෂ්ක්‍රීය අංශය සහ යුද හමුදා බෝම්බ නිෂ්ක්‍රීය අංශයේ නිලධාරින් එක්ව  සිදුකළ සෝදිසි මෙහෙයුමේදී කිසිදු සැකකටයුතු පුපුරන ද්‍රව්‍යයක් හමුවී නොමැති බවට පොලිසිය පවසවනවා.

අදාල සිදුවීම මහජන කැළඹීමක් ඇතිකිරීමට ගත් උත්සයක් බවට පොලිසිය සැකකරනු ලබන අතර මෙම තොරතුරු සම්බන්ධව පරිඝණක අපරාධ විමර්ශන අංශය මගින් වඩිදුර විමර්ශන සිදුකරනු ලබන බවද අදාල නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.