මහමුද් අහමඩිනෙජාඩ්ට ඇත්තටම මොකද වුණේ ?

ඉරාන ඉලක්ක වෙත එල්ල වූ ප්‍රහාර ⁣වලින් ඉරාන හිටපු ජනාධිපති මහමුද් අහමඩිනෙජාඩ් හට කිසිදු හානියක් සිදුවී නොමැති බවට ඇතැම් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඉරානයේ ජ්‍යෙෂ්ඨ නායකත්වය සහ හමුදා ඉලක්ක වෙත එල්ල වුනු අමෙරිකා ඊශ්‍රායල් ඒකාබද්ධ ප්‍රහාර මාලාවක් එල්ල වුනු අතර ඒවායින් ඉරාන ආධ්‍යාත්මික නායකයා ඇතුළු ඉහළ පෙලේ හමුදා නායකයින් 50කට ආසන්න සංඛ්‍යාවක් මියගියා.

පසුගිය පෙබරවාරි 28වැනිදා ඔහුගේ නිවස ආසන්නයට ප්‍රහාර එල්ල වී ඇති නමුත් ඔහුට ඉන් කිසිදු හානියක් සිදුව නොමැති බවයි වාර්තා වන්නේ.

ප්‍රහාරයෙන් ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකායට අයත් ඔහුගේ ආරක්ෂකයින් තිදෙනෙකු මිය ගොස් තිබෙනවා. ඔහුගේ නිවසට කිසිදු බලපෑමක් සිදු නොවූ අතර එම ගොඩනැගිල්ලේ සිට මීටර් 100 ක් දුරින් එම බෝම්බ පතිත වී ඇති බවයි වාර්තා වන්නේ.

මහමුද් අහමඩිනෙජාඩ් මහතා 2005 සිට 2013 දක්වා ඉරාන ජනාධිපති ලෙස සේවය කරනු ලැබුවා. මීට පෙර විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඊශ්‍රායල-ඇමරිකානු ගුවන් ප්‍රහාරයකින් ඔහු මියගිය බවයි.

– ධනුෂ්ක මැදවෙල –