ඉරාන – ඊශ්‍රායල යුද ගැටුම් හමුවේ ඉරානයට පහරදීමේ සැලසුම් තමන් අනුමත කර ඇතත් තවදුරටත් ඉරානයට පහර දෙනාවද නැද්ද යන්න පිළිබඳව අවසන් තීරණයක් ගෙන නොමැති බවයි අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර සිටින්නේ.
ඉරානය සහ ඊශ්‍රායලය අතර ප්‍රබල ඩ්‍රෝන සහ මිසයිල ප්‍රහාර මාලාවක් ඊයේ රාත්‍රී පුරාද වාර්තා වුණා.
ඉරානය, සිය න්‍යෂ්ටික වැඩසටහන අත්හැරීමට එකඟවුවහොත්, එරටට එල්ල කරන ප්‍රහාර ආරම්භ කිරීම සම්බන්ධයෙන් ප්‍රමාද කිරීමට ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරයා කටයුතු කරන බවයි ජ්‍යේෂ්ඨ බුද්ධි අංශ තොරතුරු වාර්තා කර සිටින්නේ.
ඊශ්‍රායලය සහ ඉරානය අතර ඇති අර්බුදයට අමෙරිකාව තවදුරටත් මැදිහත්වුවහොත් ආපසු හැරවිය නොහැකි හානියකට අමෙරිකාවට මුහුණපෑමට සිදුවනු ඇති බව ඉරානයේ අධ්‍යාත්මික නායක අයතුල්ලා අලි කමේනි ඊයේ දිනයේ අනතුරු ඇඟවීමේ ප්‍රකාශයක් කර සිටියා.
මේ අතර, ඊයේ දිනයේ කොන්දේසි විරහිතව ඉරානයට යටත්වීම සඳහා ට්‍රම්ප් කළ ඉල්ලීම ආධ්‍යාත්මික නායකයා විසින් ප්‍රතික්ෂේප කලේ ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරයා තම ඉවසීම ඉක්මවා ගොස් ඇති බවට ප්‍රකාශ කිරීමෙන් පසුවයි.
ඊයේ දිනය පුරා ඊශ්‍රායලයට මිසයිල ප්‍රහාර මාලාවක් එල්ල කළ බවත්, නව ප්‍රහාර රැල්ල ඊශ්‍රායල ආරක්ෂක වළලු සාර්ථකව විනිවිද ගිය බවත්, ඉරාන මාධ්‍ය වාර්තා කර සිටියා.
කෙසේවෙතත් ඊශ්‍රායල හමුදාව එම ප්‍රහාර සම්බන්ධයෙන් කිසිදු ප්‍රකාශයක් සිදුකර නොමැත.
