මහියංගනයේ දරුණු රිය අනතුරක්: අඹුසැමි යුවළක් මරුට

2026.03.27 දින රාත්‍රී මහියංගනය පොලිස් වසමේ මහියංගනය – ගිරාඳුරුකෝට්ටේ මාර්ගයේ 03 කණුව ප්‍රදේශයේදී ගිරාඳුරුකෝට්ටේ දෙසට ධාවනය වූ කැබ් රථයක් වෙනත් වාහනයකට ඉස්සර කිරීමට යාමේදී ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි ට්‍රැක්ටර් රථයක ගැටී අනතුරක් සිදුව ඇත.

අනතුරින් තුවාල ලැබූ ට්‍රැක්ටර් රථයේ රියැදුරු, කැබ් රථ රියැදුරු සහ එහි පසුපස ගමන් ගත් පුද්ගලයින් 07 දෙනෙකු ප්‍රතිකාර සඳහා මහියංගනය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු කාන්තාවක් සහ පුද්ගලයෙකු මියගොස් ඇත.

මරණකරු වයස අවුරුදු 57ක් සහ මරණකාරිය අවුරුදු 44ක් වූ මහියංගනය ප්‍රදේශයේ පදිංචි අඹුසැමි යුවළකි.