සීදූව ප්‍රදේශයේ ඊයේ (21) රාත්‍රියේ සිදුකළ වෙඩිතැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා රාගමරෝහලට ඇතුළත්කර තිබෙනවා.
සීදූව, රාජපක්ෂ පුර ප්‍රදේශයේදී යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් මෙම වෙඩිතැබීම සිදු කර ඇත.
තුවාලකරු වයස අවුරුදු 55ක්වූ රාජපක්ෂපුර ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
වෙඩිතැබීම සඳහා පිස්තෝල වර්ගයේ ගිනි අවියක් යොදාගෙන ඇති අතර වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නැහැ.
සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා සීදූව පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනවා.
