මාතර වෙඩි තැබීමක්

මාතර පොලිස් වසමේ වෙරළ පාර ප්‍රදේශයේ දී ඊයේ (25) රාත්‍රී කාලයේ කාර් රථයකින් පැමිණි පුද්ගලයෙකු විසින් අවන්හලක හිමිකරුවෙකුට වෙඩිතැබීමක් සිදුකර පලා ගොස් තිබෙනවා.

මෙම වෙඩි තැබීමෙන් කිසිවෙකුට තුවාල සිදුව නොමැති අතර වෙඩි තැබීම සඳහා පිස්තෝල අවියක් භාවිතා කර ඇත.

එම වෙඩි තැබීමට ඉලක්ක වූ අවන්හලේ හිමිකරු වෙඩික්කරු සමඟ පොර බැදීමක් සිදු කිරීමෙන් පසු සැකකරු පලාගොස් තිබෙනවා.

ගිනි අවිය, සජීව පතරොම් 04ක් සහ හිස් කොපුවක් එම ස්ථානයේ දමාගොස් තිබියදී හමුවී ඇත.

මෙම වෙඩි තැබීඹට හේතුව හෝ සැකකරු සම්බන්ධයෙන් මෙතෙක් තොරතුරු අනාවරණය වී නොමැති අතර මාතර පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනවා.