මාරක අනතුරක්

අද (20) පෙරවරු හතට පමණ පාදුක්ක හොරණ මාර්ගයේදී යතුරුපැදියක් සහ ලොරි රථයක් ගැටීමෙන් අනතුරක් සිදුව ඇත.

එම අනතුරින් පුද්ගලයෙකු එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

මරණකරු වයස අවුරුදු 68ක් වන මිරියගල්ල පුදේශයේ පදිංචි දෙදරු පියෙක්.

යතුරුපැදිය හොරණ මාර්ගයේ සිට ගමන් කරමින් සිටියදී පසුපසින් පැමිණි ලොරි රථයේ ගැටීමෙන් අනතුර සිදුව ඇත.

ලොරි රථයේ රියදුරු පාදුක්ක පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන ඇති අතර මියගිය අයගේ දේහය පාදුක්ක මූලික රෝහලේ තැන්පත් කර ඇත.

පාදුක්ක පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනවා.