ගම්පහ ජාඇල මාර්ගයේ කිරිඳිවිට ප්‍රදේශයේදී අද (26) දින ජාඇල දෙසට ධාවනය වූ ලොරි රථයක් ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි කුඩා ලොරි රථයක ගැටී අනතුරක් සිදුව ඇත.
අනතුරින් ලොරි රථයේ රියදුරු බරපතල තුවාල ලබා ගම්පහ රෝහලට ඇතුලත් කිරීමෙන් පසු මිය ගොස් තිබෙනවා.
මරණකරු අවුරුදු 49 ක්වූ ජාඇල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
අනතුර සම්බන්ධ ලොරි රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර ගම්පහ පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදුකරනවා.