යතුරු පැදියක් ට්රැක්ටර් රථයක ගැටී පැදිකරු හා පසුපැදිකාරිය ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
යාපනය කොළොම්බුතුරේ මාර්ගයේ නෙඩුම්කුලම් හන්දිය ආසන්නයේදී ඊයේ (16) දින රාත්රී කාලයේ යාපනය දෙස සිට කොළොම්බුතුරේ දෙසට ධාවනය වූ යතුරු පැදියක් ප්රතිවිරුද්ධ දෙසින් පැමිණි ට්රැක්ටර් රථයක ගැටී අනතුරක් සිදුව ඇත.
අනතුරින් බරපතල තුවාල ලැබූ පැදිකරු හා පසුපැදිකාරිය යාපනය රෝහලට ඇතුලත් කර ප්රතිකාර ලබමින් සිටියදී මියගොස් තිබෙනවා.
මරණකරු වයස අවරුදු 24 ක් සහ මරණකාරිය වයස අවුරුදු 19 ක් වන මානියම්තෝට්ටම් ප්රදේශයේ පදිංචිකරුවන් වේ.
අනතුරට සම්බන්ධ ට්රැක්ටර් රථ රියැදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් යාපනය පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනවා.
