උඩවලව, පනහඩුව වැවේ මාළු ඇල්ලීම සඳහා ටියුබ් එකක ආධාරයෙන් ජලය මත පිහිනමින් සිටි පුද්ගලයන් දෙදෙනෙක් දියේ ගිලී ඇති බව උඩවලව පොලිසිය පවසනවා.
මෙලෙස අතුරුදන්ව සිටි අයගෙන් එක් අයෙකුගේ මළ සිරුරක් ඇඹිලිපිටිය ජීවිතාරක්ෂක ඒකකයේ පොලිස් නිලධාරීන් විසින් අද පස්වරුවේ සොයා ගනු ලැබුවා.
එසේ ගොඩගනු ලැබුවේ පනහඩුව මහආර ප්‍රදේශයේ පදිංචිව සිටි අනුර ක්‍රිෂාන්ත රත්නායක නැමැති 30 හැවිරිදි අයෙක්.
අතුරුදන් පුද්ගලයා සොයා යුද හමුදාව, පොලිසිය හා ගම්වාසීන් එක්වී මෙහෙයුම් දියත් කළත් රාත්‍රී වනතෙක් එම පුද්ගලා සොයා ගැනීමට නොහැකි වුණා.
පසුව මෙහෙයුම් තාවකාලිකව නතර කළ අතර හෙට දිනයේ මෙහෙයුම් නැවතත් ආරම්භ කරන බවත් පොලිසිය සදහන් කළා.
මෙලෙස අතුරුදන් වූ පුද්ගලයා කෝපල් වරයෙකු වන අතර ඔහු නිවාඩුවක් ගත කිරීම සදහා නිවසට පැමිණි අවස්ථාවේ මෙම ඛේදවාචකයට මුහුණ දී ඇති බවයි පොලිසිය සදහන් කළේ.
අතුරුදන් පුද්ගලයා 29 හැවිරිදි දෙදරු පියෙක්.
