මැඩගස්කර ජනාධිපති ඇන්ඩ්‍රි රාජොයිලිනා බලයෙන් පහ කර තිබෙනවා.
එරට පාලන බලය හමුදාව යටතට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.
සති කිහිපයක් පුරා පැවති තරුණ විරෝධතා හේතුවෙන් එරට හමුදාව විසින් ජනාධිපති රාජොයිලිනා ඊයේ බලයෙන් පහ කරනු ලැබුවා.
ඔහු, මේ වන විට ජනාධිපති මන්දිරයෙන් පිටත ආරක්ෂිත ස්ථානයක රැඳී සිටින බවයි වාර්තා වන්නේ.
හමුදා ප්‍රධානි කර්නල් මයිකල් රැන්ඩ්‍රියානිරිනා එරට බලය තහවුරු කර ඇති අතර, ඔහු ප්‍රකාශ කරන්නේ, වසර දෙකක් ඇතුළත මැතිවරණයක් පවත්වන බවයි.
තරුණ විරෝධතාකරුවන්ගේද සහයෙන් එරට පාලනය ගෙන යන බවද හමුදා ප්‍රධානියා පවසනවා.
විරැකියාව, විදුලි ඇණහිටීම, උද්ධමනය යන කරුණු රැසක් මූලික කර ගනිමින් සති ගණනාවක් පුරා එරට තරුණ විරෝධතා පැවැත්වුණා.
