කොළඹ – මඩකලපුව ප්‍රධාන මාර්ගයේ අද (12) අලුයම 3.00 ට පමණ මින්නේරිය, බටුඔය ප්‍රදේශයේ සිදුවූ රිය අනතුරකින් පුද්ගලයින් 32 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.
මාදුරුඔය සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබූ බස්රථයක් ඉදිරිපසින් පැමිණි ටිපර් රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි, පොලිසිය පවසන්නේ.
තුවාල ලැබූ පුද්ගලයින් පොළොන්නරුව, මින්නේරිය සහ හිගුරක්ගොඩ යන රෝහල් වෙත මේ වන විට ඇතුලත් කර තිබෙනවා.
ඔවුන්ගෙන් කිහිපදෙනෙකුගේ තත්ත්වය බරපතල බවයි, රෝහල් ආරංචි මාර්ග සදහන් කරන්නේ.
මින්නේරිය පොලිසිය අනතුර සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරනවා.