මියන්මාරයේ පාසල් දෙකකට එල්ල වූ ගුවන් ප්‍රහාරයකින් 18 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
මියගිය පිරිසෙන් වැඩි දෙනෙකු සිසුන් බවයි වාර්තා වන්නේ.
මියන්මාරයේ බටහිර රඛයින් ප්‍රාන්තයේ ගම්මානයක පිහිටි පෞද්ගලික පාසල් දෙකකට මෙම ගුවන් ප්‍රහාරය එල්ලවී ඇති බව වාර්තා වනවා.
එරට මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ, එම ප්‍රාන්තයේ ක්‍රියාත්මක සන්නද්ධ කණ්ඩායමක් ඉලක්කර මියන්මාර හමුදාව විසින් මෙම ගුවන් ප්‍රහාරය එල්ල කර ඇති බවයි.
මිය ගිය සිසුන් අවුරුදු 17ත් 18ත් වයසේ පසුවන්නන් බව සඳහන්.
තවත් පිරිසක් තුවාල ලබා ඇති බවයි, එරට මාධ්‍ය වාර්තා පවසන්නේ.
