මීටියාගොඩ මලවැන්න ප්‍රදේශයේ වෙඩි තැබීමට සම්බන්ධ බවට සැකකරනු ලබන පුද්ගලයා මීටියාගොඩ පොලිසිය වෙත රැගෙන යයි.

මීටියාගොඩ මලවැන්න ප්‍රදේශයෙදි (01) දින මොටර් රථයක් ඉලක්ක කර ගනිමින් වෙඩි තැබීමේ සිද්ධියකට අදාළව සැක කරනු ලබන පුද්ගලයෙකු තලවකැලේ පොලිස් විශේෂ කාර්යබලකායේ නිළධාරින් විසින් සැකපිට (02) දින රාත්‍රියේ අත්අඩංගුවට ගෙන ආගරපතන පොලිසිය වෙත භාර දී ඇත.

ආගරපතන පොලිසිය වෙත භාර දුන් සැකකරු (03) දින දැඩි පොලිස් ආරක්ෂාවක් යටතේ නුවරඑලිය මහේස්ත්‍රාත් ලංකාගනී ප්‍රබුද්ධිකා මෙනවිය වෙත ඉදිරිපත් කිරිමෙන් අනතුරුව සැකකරු මීටියාගොඩ පොලිසිය වෙත භාර දෙන ලෙස මහේස්ත්‍රාත්වරිය ආගරපතන පොලිසියට නියෝග කලහ.

මෙසේ මීටියාගොඩ පොලිසිය වෙත භාර දෙන ලෙස නියොග කරනු ලැබුවේ ආගරපතන හෝල්බෘක් ප්‍රදේශයේ සිය බිරිදගේ නිවසේ සිටියදී අත්අඩංගුවට ගත් ළහිරු සම්පත් නැමති 32 හැවිරිදි සැකකරුය.

සැකකරු සිය බිරිදගේ නිවසේ සැගව සිටින බවට ලද තොරතුක් මත තලවකැලේ පොලිස් විශේෂ කාර්යබලකායේ නිළධාරින් සැළසුමක් දියත් කර සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

මහේස්ත්‍රාත්වරියගේ නියෝගය මත මීටියාගොඩ පොලිසියේ නිළධාරින් පිරිසක් (04)දින අලුයම ආගරපතන පොලිසිය වෙත පැමිණ සැකකරු රැගෙන ගිය බවයි ආගරපතන පොලිසියේ නිළධාරියෙකු කියා සිටියේ.