මුරුගන් කෝවිල ඉදිරිපිටදී බිහිසුණු අනතුරක්

කොළඹ සිට සමන්තුරේ දෙසට ධාවනයවූ කාර් රථයක් කුරුක්කල් මඩම් මුරුගන් කෝවිල ඉදිරිපිටදී අද (14) අළුයම 3.00ට පමණ අනතුරට ලක්ව ඇත.

මඩකලපුව කලුවාංචිකුඩි පොලිස් වසමට අයත් කුරුක්කල්මඩම් ප්‍රදේශයේදී මාර්ගයෙන් ඉවත්වුණු කාර් රථයක් බැම්මක ගැටී පල්ලමකට වැටීමෙන් අනතුර සිදුව තිබෙනවා.

අනතුර සිදුවු අවස්ථාවේදී කාර් රථයේ ගමන්කර තිදෙනා බරපතල තුවාල ලබා රෝහලට ඇතුළත් කර ඇත.

අනතුරට පක්වූ කාර් රථයටද දැඩි අලාභ හානි සිදුව තිබෙනවා.

අනතුර සම්බන්ධයෙන් කලුවාංචිකුඩි පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනවා.