මෙරට අන්ත­ර්ජා­තික සන්නා­මය මැල්කම් කාදි­නල් රංජිත් හිමි­පාණෝ

xr:d:DAFQ2BHYPpI:113,j:44678968668,t:23010503

කොළඹ අග­ර­ද­ගුරු මැල්කම් කාදි­නල් රංජිත් හිමි­පා­ණන්ගේ පූජක දිවි­යට වසර පන­හක් සම්පූර්ණ වී ඇත. මේ ලිපිය ඒ නිමි­ත්තෙනි.

අති උතුම් මැල්කම් කාදි­නල් රංජිත් හිමි­පා­ණන් යනු මෙර­ටින් බිහි වූ අන­භි­භ­ව­නීය අන්ත­ර්ජා­තික සන්නා­මය යැයි සඳ­හන් කළ­හොත් එය අති­ශ­යෝ­ක්ති­යක් නොවේ. අති­උ­තුම් මැල්කම් කාදි­නල් රංජිත් හිමි­පා­ණන්ගේ චරි­තය සහ උන්ව­හ­න්සේගේ බහු­විධ භූමි­කා­වන් පිළි­බඳ හේතු සාධක ඉස්මතු කරන කෘති­යක් සම්පා­ද­නය කිරීම අති­ශ­යින්ම කාලෝ­චිත ප්‍රය­ත්න­යකි. උන්ව­හන්සේ ඉතා­මත් දැනු­ම්වත් පඬි­ව­ර­යෙකි. භාෂා ගණ­නා­වක් පිළි­බඳ නිපු­ණ­ත්ව­යෙන් හෙබි උත්ත­ම­යෙකි. ඉතා අනර්ඝ ලේඛ­ක­යෙකි. සිංහල බෞද්ධ සංස්කෘ­තික උරු­ම­යන් පිළි­බඳ දැඩිව පෙනී සිටින ධර්ම­ධ­ර­යෙකි. සිරි­ලක කිතු සසු­නට නව ආය­තන බිහි කිරීම සඳහා අත­හිත යෙදවූ පුරෝ­ගා­මි­යෙකි. උන්ව­හන්සේ වති­කානු රාජ්‍යයේ ඉහළ නිල­යක් ඉසුලූ රාජ්‍ය­තා­න්ත්‍රි­ක­යෙකි.

දැනුම් විශා­ර­ද­ව­ර­යෙකි

එසේම ශුද්ධවූ බයි­බ­ලය පිළි­බඳ ද විශා­ර­ද­යෙකි. කතෝ­ලික සභාවේ ජන වන්ද­නාව පිළි­බඳ ඉතා­මත් පැහැ­දිලි දැක්මක් ඇති කෙනෙකි. ඉතා චතුර මෙන්ම සාර­ගර්භ දේශ­ක­යෙකි.

දුප්පත් ජන­තා­වට අත­හිත දුන් කෙනෙකි. පාස්කු ඉරු­දින ප්‍රහා­රයේ සාධා­ර­ණ­ත්වය වෙනු­වෙන් දිවි­හි­මි­යෙන් පෙනී සිටින නාය­ක­යෙකි. විශිෂ්ට අධ්‍යා­ප­න­ඥ­යකු ලෙස පුරෝ­ගාමී වී නවීන පහ­සු­කම් සහිත මන­රම් සර­ස­වි­යක් ආරම්භ කළ උත්ත­ම­යෙකි. මෙවැනි බහු­විධ භූමි­කා­වන් සහිත තවත් චරිත අප සමා­ජයේ තිබේ­දැයි යන්න විමසා බැලිය යුත්තකි. එමෙන්ම, එම බහු­විධ භූමිකා ඉතා සාර්ථක අව­සා­න­යක් කරා රැගෙ­න­යා­මට උන්ව­හන්සේ සමත් වීමත් මෙහිලා විශේ­ෂ­යෙන් සඳ­හන් කළ යුතු කරු­ණකි. අති උතුම් මැල්කම් කාදි­නල් රංජිත් හිමි­පා­ණන් වහන්සේ තුළ තිබෙන මහා ගුණ කඳ අප වැන්නන්ට සර්ව­ප්‍ර­කා­ර­යෙන්ම අකුරු කළ නොහැකි වුවත්, අපගේ නුව­ණට වැට­හෙන සහ උන්ව­හන්සේ සමඟ වන අපගේ පෞද්ග­ලික අත්දැ­කීම් තුළින් ලැබූ දැනුමේ ප්‍රමා­ණ­යට හෝ ලියා තැබී­මට අද­හස් කළේ මාගේ පූජක කැඳ­වීමේ “ගුරු පූජා­වක්” ලෙසිනි.

නිහ­ත­මා­නී­ත්වය

නිහ­ත­මානී ගුණ­යෙන් යුත් උන්ව­හ­න්සේගේ හද­වත අති­ශ­යින්ම කාරු­ණි­කය. එබැ­වින් අප­රි­මිත කරු­ණා­ව­කින් දුප්ප­තුන්ට සල­කන සේක. අස­ර­ණ­යින්ට පිහි­ට­වී­මට උන්ව­හන්සේ නිර­න්ත­ර­යෙන් කැමැ­ත්තෙන් පසුවූ කෙනෙකි.

එතු­මා­ණන් තුළ තිබූ නිහ­ත­මානී කාරු­ණික ගුණය නිසා ඕනෑම දුප්පත් අස­ර­ණ­ය­කුට සමී­ප­යට පැමිණ කතා කිරී­මට හැකි වීම ද ඉතා­මත්ම ප්‍රශං­ස­නීය කට­යු­ත්තකි.

සමා­නා­ත්ම­තාව

ලොව තතු තම ප්‍රඥාවේ නුව­ණින් දකි­මින් වාසය කරන අප අග­ර­ද­ගුරු කාදි­නල් හිමි­පා­ණන් දුප්පතා ගැනත්, පොහො­සතා ගැනත්, බල­වතා ගැනත් විශේ­ෂ­ත්ව­යක් දක්වන්නේ නැත. මෙයින් අද­හස් කරන්නේ පුද්ග­ල­ය­කුගේ තරා­ති­ර­මට අනුව කතා­බස් නොකර සිටි­න්නේය යන අද­හස නොවන බව කාරු­ණි­කව සැල­කුව මැනවි. ධන­ව­ත­කුට, බල­ව­ත­කුට හෝ පාල­ක­ය­කුට වුවත් යමක් කීමට කිව­යුතු අව­ස්ථා­වේදී නිර්භී­ත­වම ඉදි­රියේ හෝ ප්‍රසි­ද්ධියේ කියා­පෑමේ හැකි­යාව උන්ව­හන්සේ සතුය. ප්‍රබල රාජ්‍ය පාල­ක­යින් කිහිප දෙනෙ­කුම අර­බයා පාස්කු ඉරු­දින ප්‍රහා­ර­යෙන් පසු සාධා­ර­ණ­ත්වය ඉටු කිරීම ප්‍රමාද වන විට තමන්ට අහි­මි­වන දේවල් ගැන නොසිතා නිර්භී­ත­වම තම ජන­තාව වෙනු­වෙන් පෙනී සිටීම ද, ප්‍රසි­ද්ධියේ දෙසූ දෙසුම් ද කාටත් අම­තක නොවනු ඇත.

ඝෘජු බව

ලාභ ප්‍රයෝ­ජන, වාසි ලබා­ගැ­නීමේ අර­මු­ණින් කිසි කලෙක අනුන්ගේ නැති ගුණ කිය­මින් සුදු හුණු නොගෑ­වේය. අති උතුම් මැල්කම් කාදි­නල් රංජිත් හිමි­පා­ණන් අන් අයට නොපෙ­නෙන කරුණු ද විනි­විද දැකිය හැකි නිපුණ, තියුණු නුව­ණක් ඇති නාය­ක­යකු බව ඉතා පැහැ­දි­ලිය. මෙයට පෙන්නුම් කළ හැකි පැහැ­දිලි උදා­හ­ර­ණය නම් 2019 වසරේ සිදුවූ පාස්කු ඉරු­දින මහා මිනිස් සංහා­ර­යෙන් පසු උන්ව­හ­න්සේගේ ක්‍රියා කලා­ප­යයි. කතෝ­ලික ක්‍රිස්ති­යානි විශ්වා­සයේ මුදු­න්ම­ල්කඩ වූ මර­ණයේ විජ­ය­ග්‍ර­හ­ණය සම­රන ලද පාස්කු ඉරු­දින කතෝ­ලික, ක්‍රිස්ති­යානි දේව­ස්ථාන ඉලක්ක කර ත්‍රස්ත­වා­දීන් පුපු­රා­හල බෝම්බ ප්‍රහා­ර­යෙන් වටිනා මිනිස් සම්පත ඉතා­මත් අවා­ස­නා­වන්ත ලෙස ඝාත­නය වූ දින­යක් බවට පත්විය.

සැබෑ ක්‍රිස්ති­යානි නාය­ක­ත්වය

එවැනි උතුර – දකුණ අම­තක වන මොහො­තක සැබෑ ක්‍රිස්ති­යානි නාය­ක­ත්වය නම් මේ යැයි ප්‍රද­ර්ශ­නය කර­මින් අග­ර­ද­ගුරු හිමි­පා­ණන් සිහි බුද්ධි­යෙන් ක්‍රියා­ක­ර­මින් මුළු රටක් වෛරයේ ගින්නෙන් අවු­ළුවා හැකිව තිබි­යදී කිසිදු මිනිස් ප්‍රාණ­ය­කට අබ ඇට­යක තර­ම්වත් කර­ද­ර­යක් නොවී වළක්වා ගත් සේක. මරා­ගෙන මැරෙන බෝම්බ ප්‍රහාර සැල­සුම් කළ උන්ම­ත්ත­ක­යින්ගේ අර­මුණු ඔවුන් සිතුසේ ඉටු­ව­න්නට නොදී, ව්‍යාප්තව ගිය හැකි, මුදා හළ හැකි ප්‍රච­ණ්ඩ­ත්ව­යට තිත තබ­මින් තම ස්ථාව­රය ගැන සමස්ත සමා­ජ­යම දැනු­ම්වත් කර තමන් අද­හන ආගම සැබෑ ලෙස ජීවත් කර­වීමේ උතුම් පණි­වු­ඩය දෙමින් ජාති, ආගම් භේද­ය­කින් තොරව එක මව­කගේ දරු­වන් ලෙස සාම­යෙන්, සංහි­ඳි­යා­වෙන්, සංය­ම­යෙන් හා සහෝ­ද­ර­ත්වයේ නාම­යන් සිහි­ග­න්ව­මින් ක්‍රියා කිරී­මට දෙන උතුම් ආද­ර්ශය හා එහිලා ප්‍රද­ර්ශ­නය කළ සැබෑ කිතුනු නාය­ක­ත්ව­යට උත්ත­මා­චා­රය පිදිය යුතු­මය.

වර­දාන පසෙ­කලා කරන සේවාව

තවද, අප දන්නා තර­මින් අප අත්දැ­කී­ම්ව­ලට අනුව රටක පාල­ක­යින් තමන්ට කර­ද­ර­යක් වේ යැයි සිතන ජන­තා­වට දැනෙන නාය­ක­ත්ව­යක් දෙන, ප්‍රභූ­ව­රුන් මෙල්ල කරන්නේ නොයෙ­කුත් වර­දාන, වර­ප්‍ර­සාද, ප්‍රති­ලාභ ලබා­දෙ­මිනි. අපගේ කාදි­නල් හිමි­පා­ණන්ට වෙඩි නොව­දින මෝටර් රථ­යක් ලබා දෙන්නට එව­කට පැවැති රජය ඉදි­රි­ප­ත්වීම කාදි­නල් හිමි­පා­ණන්ගේ ජීවි­ත­යට දක්වන ලද සැල­කි­ල්ල­කට වඩා, උන්ව­හ­න්සේව දිනා ගැනී­මට දරන ලද ප්‍රය­ත්න­යකි.

පුද්ග­ලි­ක­ත්ව­යට වඩා සැළකූ පුර­වැසි ආර­ක්ෂාව

ප්‍රති­ප­ත්ති­ග­රුක සැබෑ කිතුනු නාය­ක­ත්වය පෙන්නුම් කර­මින් දේශ­පා­ල­න­ඥ­යින්ගේ මෙම උගු­ලට උන්ව­හන්සේ හසු­වූයේ නැත. එම ප්‍රදා­නය ප්‍රති­ක්ෂේප කර­මින් උන්ව­හන්සේ කියා සිටියේ එක පුද්ග­ල­ය­කුගේ ආර­ක්ෂාව ගැන සැල­කි­ලි­මත් වන­වාට වඩා රටේ සියලු පුර­වැ­සි­යන්ගේ ආර­ක්ෂාව සැල­සීම ගැන සොයා බලා කට­යුතු කිරීම වැද­ගත් බැවින් ඒ ගැන අව­ධා­නය යොමු කර ක්‍රියා කරන ලෙසයි.

යුදෙව් ආගම පිළි­බ­ඳව දාර්ශ­නි­ක­යකු වූ මයි­මෝ­නි­ඩෙ­ස්චර්, ඉස්ලා­මීය දාර්ශ­නි­ක­යකු වූ අව්රෝස්ට හා රෝමානු කතෝ­ලික ආගමේ දර්ශ­න­වා­දි­යකු වූ තෝමස් ඇක්ව­යි­නස් හට බෙහෙ­වින් බලපා තිබුණේ ග්‍රීක දර්ශ­නයේ ඇරි­ස්ටෝ­ටල්ගේ මත­වා­ද­යන්ය.

පෘථුල දැනුම

දහ­සය වැනි සිය­වස වන විට ඇරි­ස්ටෝ­ටල්ගේ අද­හස්, මත­වාද බට­හිර ලෝකයේ මුල්බැ­ස­ගෙන තිබුණි. එක්ව­රම එම දර්ශ­න­යන් ගැන ලිවී­මට හේතු වූයේ අප කතාවේ ප්‍රධාන භූමි­කාව වන අපගේ කාදි­නල් හිමි­පා­ණන් වහ­න්සේගේ බට­හිර දර්ශ­නය, සාහි­ත්‍යය, සංස්කෘ­තිය පිළි­බඳ උන්ව­හ­න්සේගේ දැනුම අති­වි­ශාල වීමය. වරක් මා බ්‍රිතාන්‍ය දර්ශ­න­වා­දි­යකු වූ ජෝන් ලොක් පිළි­බඳ උන්ව­හ­න්සේ­ගෙන් විමසූ විට ඒ පිළි­බ­ඳව සම්පූර්ණ විස්ත­ර­යක් මා හට එම මොහො­තේම විස්තර කර දෙන ලදි. මෙහි ඇති විශේෂ ලක්ෂ­ණය නම් දේව ධර්මය සහ ශුද්ධවූ බයි­බ­ලය පිළි­බඳ විශා­ර­ද­යකු වන උන්ව­හ­න්සේට සෑම විෂය පථ­යක් පිළි­බ­ඳම දැනුම අති විශාල වීමය.

කොළඹ පද­වියේ සිය­ලුම පිය­තු­මන්ලා අත්දැ­කී­මෙන් දන්නා කරු­ණක් ඇත. එනම් කාදි­නල් හිමි­පා­ණන්ගේ පෞද්ග­ලික ලෝක සම්බ­න්ධතා භාවිත කර­මින් වාර්ෂි­කව සංවි­ධා­නය කරනු ලබන පිය­තු­ම­න්ලාගේ යුරෝපා රට­ව­ල්වල ආධ්‍යා­ත්මික සංචා­ර­ව­ලදී එක් එක් රට­වල් පසු­ක­ර­මින් අප බස් රථය ගමන් කරන විට විස්තර, අභ්‍ය­න්තර තොර­තුරු මෙන්ම එම රට­වල ඉති­හා­සය ද ඉතා­මත් සර­ලව අපගේ කාදි­නල් හිමි­පා­ණන් පැහැ­දිලි කරන ආකා­රය විස්මි­තය. මේ ආකා­ර­යෙන් ජාතික සහ අන්ත­ර්ජා­තික මට්ට­මෙන් ඉදි­රි­යේදී ද උන්ව­හ­න්සේට ක්‍රියා කිරී­මට පූජ­ක­ව­රයේ පනස් වැනි සැම­රුම සම­රන මේ මොහො­තේදී හෘද­යං­ග­මව ප්‍රාර්ථනා කරමි. එලෙ­සම උන්ව­හ­න්සේගේ ඉදිරි වැඩ කට­යුතු සර්ව­ප්‍ර­කා­ර­යෙන්ම සාර්ථ­කව ඉටු­කර ගැනීම සඳහා අපගේ හෘද­යා­ගම සුබ පැතුම්!

කැමි­ලස් ප්‍රනාන්දු පිය­තුමා

අග­ර­ද­ගුරු මැඳුර, කොළඹ