මෙරට විදෙස් ශ්‍රමික ප්‍රේශන තවදුරටත් ඉහළ

ශ්‍රී ලංකාවේ විදෙස් ශ්‍රමික ප්‍රේශන තවදුරටත් ඉහළ යමින් පවතින බව, ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රකාශ කරනවා.

මැයි මස තුළ වාර්තා වූ අගය අමෙරිකානු ඩොලර් මිලියන 641 යි දශම 7 ක්. ඉකුත් වසරේ මැයි මාසය හා සැසදීමේදී ශ්‍රී ලංකාවේ විදෙස් ශ්‍රමික ප්‍රේශන ඩොලර් මිලියන 97 යි දශම 3 ක වර්ධනයක් පෙන්නුම් කර ඇති බවයි, මහ බැංකුව නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ.

2024 මැයි මාසයේ එම අගය පැවතුණේ, ඩොලර් මිලියන 544 යි දශම 4 ක් ලෙසයි. මේ වසරේ මුල් මාස 5 තුළ විදෙස් ශ්‍රමිකයන්ගෙන් මෙරටට ලැබුණු මුදලේ වටිනාකම ඩොලර් මිලියන 3,102 යි දශම 2 ක් ලෙස වාර්තා වුණා. පසුගිය වසරේ මුල් මාස 5 තුළ එම අගය පැවතියේ ඩොලර් මිලියන 2,624 යි දශම 4 ක් ලෙසයි. ඒ අනුව, විදෙස් ශ්‍රමික ප්‍රේශන සියයට 18 යි දශම 2 කින් ඉහළ ගොස් ඇති බව, මහ බැංකුව සඳහන් කරනවා.