මොනරාගල පොතුවිල් වැල්ලවාය ප්‍රධාන මාර්ගයේ 255 කිලෝමීටර් කණුව ආසන්නයේදී අද (16) උදෑසන අනතුරක් සිදුව තිබෙනවා.
දඹගල්ල දෙස සිට මොණරාගල දෙසට ධාවනය වූ ලංගම බස් රථයක් ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි වන්දනා චාරිකාවක් යමින් සිටි පුද්ගලික බස් රථයක ගැටී මෙම අනතුර සිදුව ඇත.
අනතුරින් ලංගම බස් රථයේ රියදුරු රෝහල් ගත කිරීමෙන් පසු මියගොස් තිබෙනවා.
මරණකරු වයස අවුරුදු 32 ක්වූ රුවල්වෙල, දඹගල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
අනතුරින් බස් රථ දෙකෙහි ගමන් ගත් මගීන් 22කු පමණ තුවාල ලබා මොණරාගල රෝහලට ඇතුලත් කර ඇත.
මොණරාගල පොලිසිය අනතුර සම්බන්ධයෙන් විමර්ශන සිදු කරනවා.
