යතුරුපැදියක් මෝටර් රථයක ගැටී දරුණු රිය අනතුරක්

වැල්ලවාය ඇල්ල ප්‍රධාන මාර්ගයේ වැල්ලවාය, දෙකේ කණුව ප්‍රදේශයේ දී යතුරු පැදියක් මෝටර් රථයක ගැටීමෙන් අනතුරක් සිදුව තිබෙනවා.

එම අනතුරින් යතුරු පැදියේ ගමන් ගත් තරුණයන් දෙදෙනකු බරපතල තුවාල ලබා වැල්ලවාය මූලික රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සදහා මොණරාගල දිස්ත්‍රික් මහ රෝහලට මාරු කර යවා ඇත.

මෙසේ අනතුරට ලක් වී ඇත්තේ වැල්ලවාය ප්‍රදේශයේ පදිංචි තරුණයන් දෙදෙනකු වන අතර අනතුර සම්බන්ධයෙන් මෝටර් රථයේ රියදුරු වැල්ලවාය පොලිසිය විසින් පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.

අනතුර සම්බන්ධයෙන් වැල්ලවාය පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් විමර්ශන සිදුකරනවා.