
වැල්ලවාය මොණරාගල ප්‍රධාන මාර්ගයේ වැල්ලවාය පොලිස් බල ප්‍රදේශයට අයත් කොටවෙහරගල ප්‍රදේශයේ දී යතුරු පැදියක් ත්‍රීරෝද රථයක ගැටීමෙන් අනතුරක් සිදු වී තිබේ.
අනතුරින් යතුරු පැදියේ ගමන් ගත් පුද්ගලයා තුවාල ලබා ඇති අතර ඔහු අම්පාර ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකු වේ.
ත්‍රීරෝද රථයේ අපරෙක්ෂාකරි රිය ධාවනය අනතුරට හේතුව බවට අනාවරණය වී ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් වැල්ලවාය පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් ඉදිරි විමර්ශන සිදු කරයි.