මරදානේ සිට නාවලපිටිය දක්වා අධික වේගයෙන් ධාවනය වූ යතුරුපැදියක ගමන්ගත් අඹුසැමි යුවලක් යතුරුපැදිය ලිස්සා යාමෙන් අද (31) අලුයම අනතුරට පත්ව තිබෙනවා.
අනතුරින් බිරිඳ එම ස්ථානයේම ජීවිතක්ෂයට පත්ව ඇති අතර සැමියා බරපතල ලෙස තුවාල ලබා නාවලපිටිය දිස්ත්‍රික් මහ රෝහල වෙත ඇතුලත් කර ඇත.
මෙම අනතුරින් මිය ගොස් ඇත්තේ මරදාන මොහිදින් මස්ජිත් ප්‍රදේශයේ පදිංචිව සිටි නෛයි ජනීරිඉග්‍රාම් නැමති (44) හැවිරිදි දෙදරු මවක්.
අඹු සැමි යුවල නාවලපිටිය දිස්ත්‍රික් මහ රෝහලේ ප්‍රතිකාර ලබන ඥාතියෙකු බැලීමට යතුරු පැදියෙන් ගමන් කරමින් සිටියදීයි මෙම අනතුර සිදුව ඇත්තේ.
හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ මිල්ලගහමුල ප්‍රදේශයේදි කොළඹ සිට වටවල දක්වා ධාවනය වූ ලොරි රථයක් වංගු සහිත ප්‍රදේශයකදී අපරික්ෂාකාරි ලෙස යතුරුපැදිය ලොරි රථය ඉස්සරකර යෑමට උත්සහ කිරිමේදි යතුරුපැදිය ලිස්සා යමෙන් අනතුර සිදුව ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් ලොරි රථයේ රියදුරා සැකපිට අත්අඩංගුවට ගෙන තිබෙනවා.
