යළි ඇවිස්සුණු කාලගුණය

ඉදිරි පැය 24 තුළද පුත්තලම සිට කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා මුහුදු ප්‍රදේශවල යාත්‍රා නොකරන ලෙස, ධීවර හා නාවික ප්‍රජාවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා.

එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ, අදාළ මුහුදු ප්‍රදේශ වරින් වර ඉතා රළු වන අතර සුළගේ වේගය පැයට කිලෝ මීටර 60 ත් 70 ත් පමණ දක්වා ඉහළ යාමේ හැකියාවක් පවතින බවයි.

පුත්තලම සිට මන්නාරම, කන්කසන්තුරය සහ ත්‍රීකුණාමලය හරහා වාකරය දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ ද වරින් වර රළු වනු ඇති.

එම මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය ද පැයට කිලෝ මීටර 50 ත් 55 ත් පමණ දක්වා ඉහළ යා හැකියි.

පුත්තලම සිට කොළඹ සහ ගාල්ල හරහා මාතර දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල තැනින් තැන වැසි අපේක්‍ෂා කෙරෙන බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.