යුක්‍රේනයට එල්ල වූ රුසියානු ප්‍රහාර වාර්තා ගත ලෙස ඉහළට

ඉකුත් මාසයේ තම රටට එල්ල වූ රුසියානු ඩ්‍රෝන ප්‍රහාර වාර්තා ගත ලෙස ඉහළ ගොස් ඇති බව යුක්‍රේන මාධ්‍ය වාර්තා පෙන්වා දෙනවා.

ඉකුත් වසරේ ජුලි මස යුක්‍රේනයට එල්ල වු රුසියානු ඩ්‍රෝන ප්‍රහාරවලට සාපේක්ෂව මෙම වසරේ ජුලි මස රුසියාව විසින් ඩ්‍රෝන ප්‍රහාර 14 ගුණයකට වඩා වැඩි ප්‍රමාණයක් යුක්‍රේනය වෙත එල්ල කර ඇති බවයි වාර්තා වන්නේ.

ඉකුත් මාසයේ රුසියාව විසින් යුක්‍රේනයට එරෙහිව ප්‍රහාරක ඩ්‍රෝන යානා 6000කට වැඩි ප්‍රමාණයක් යොදා තිබු බවයි වාර්තා වන්නේ.

යුක්‍රේන බලධාරින් කියා සිටියේ එම ඩ්‍රෝන ප්‍රහාරවලින් වැඩි වශයෙන් මියගොස් ඇත්තේ සිවිල් වැසියන් බවයි.

සිවිල් යටිතල පහසුකම් වලට එල්ල වන රුසියානු ප්‍රහාර ඔවුන් තවදුරටත් හෙළාදැක තිබෙනවා‍.

ඉකුත් මාසයේ තුළ යුක්‍රේනයට එරෙහිව ප්‍රහාර සිදුකිරීම සඳහා රුසියාව විසින් දිගු දුර ඩ්‍රෝන යානා 6297 ක් යොදා ගෙන තිබු බව යුක්‍රේන ගුවන් හමුදාව පෙන්වා දෙනවා.