යුද්ධයේ අවසානය ගැන ට්‍රම්ප්ගෙන් තීරණාත්මක ප්‍රකාශයක්

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඉරානය අතර පවතින යුදමය වාතාවරණය තවදුරටත් උග්‍ර වෙමින් පවතින බවත් ඉදිරි සති කිහිපය තුළ ඉරානයට එරෙහි ප්‍රහාර දැඩි කරන බවට ජනාධිපතිවරයා අනතුරු අඟවන බවත් වාර්තා වනවා.

වොෂින්ටන් නුවර ධවල මන්දිරයේ සිට විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් ඔහු අවධාරණය කරන්නේ අමෙරිකානු ඉලක්ක සපුරා ගන්නා තෙක් මෙම මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මක වන බවයි.

විශේෂයෙන්ම ඉරානයේ බලශක්ති පද්ධති සහ උපායමාර්ගික මධ්‍යස්ථාන ඉලක්ක කරගනිමින් දැවැන්ත ප්‍රහාර මාලාවක් දියත් කිරීමට සූදානම් බව ජනාධිපතිවරයා මෙහිදී පවසනවා.

ධවල මන්දිරයේ සිට ජාතිය ඇමතූ අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කියා සිටින්නේ ඉරානය සමඟ පවතින යුද්ධය තවත් සති කිහිපයකින් අවසන් වනු ඇති බවයි.

අමෙරිකානු හමුදා දැනටමත් තීරණාත්මක ජයග්‍රහණ රැසක් අත්කරගෙන ඇති බවත් අවසන් ජයග්‍රහණය සඳහා තවත් සති දෙකක හෝ තුනක කාලයක් ගතවනු ඇති බවත් ඔහු පවසනවා.