ඉරාන යුද්ධය අවසන් කිරීම සදහා සාකච්ඡා පැවැත්වෙන බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් යළි අවධාරණය කරනවා. නමුත්, ඉරානය පවසන්නේ, එවැනි කිසිදු සාකච්ඡාවක් පවත්වා නැති බවයි.
ධවල මන්දිරයේදී මාධ්‍ය අමතමින් අමෙරිකානු ජනාධිපතිවරයා කියා සිටියේ, සාම ගිවිසුමකට එළඹීමට ඉරානයට දැඩි අවශ්‍යතාවක් මතුව ඇති බවයි.
ඔහු ප්‍රකාශ කරන්නේ, තමා ඉරානයේ නිසි පුද්ගලයින් සමග සාකච්ඡා පවත්වන බවයි. සාම ගිවිසුමක් සඳහා අවශ්‍ය කොන්දේසි 15 කින් යුත් සාම ගිවිසුමක් ට්‍රම්ප් ජනාධිපතිවරයා විසින් ඉරානයට යවා ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.
මෙම ගිවිසුම පකිස්ථාන මැදිහත්වීමකින් යුතුව ලබාදී ඇති බවද වාර්තා වනවා. කෙසේ වෙතත්, ඉරානය පවසන්නේ, සාකච්ඡා පැවැත්වූ බවට පළවන මාධ්‍ය වාර්තාවල කිසිදු සත්‍යතාවක් නැති බවයි.