යුධ ගිනි මැද බොරතෙල් මිල පල්ලම් බසී

ඉරානය සහ ඊශ්‍රායලය සටන් විරාමයකට එකඟ වී ඇතැයි, ‍අමෙරිකානු ජනාධිපතිවරයා ප්‍රකාශ කිරීමත් සමග ගෝලීය ඉන්ධන මිලද පහළ වැටී ඇති බවයි, වාර්තා වන්නේ.

ඒ අනුව, බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල ඩොලර් 2. 05 කින් අඩු වී ඇති අතර, එනම්, ඩොලර් 69.43 ක අගයක් දක්වා අඩු වීමක් වාර්තා වුණා.

එය, සියයට 2.87 ක අඩු විමක් ලෙසයි, සැලකෙන්නේ.

WTI අගය ඩොලර් 2.01 කින් අඩු වී ඇති අතර, එහි වර්තමාන අගය ඩොලර් 66 යි දශම 5 යි බිංදුව දක්වා පහළ බැස තිබෙනවා.

එය සියයට 2.9 දක්වා අඩු වීමක් ලෙසයි, සැලකෙන්නේ. එය ජූනි 11 වැනිදායින් පසු වාර්තා වූ අවම මට්ටමයි.