මීටර සියය ධාවන ඉසව්ව වෙනුවෙන් මෙවර තරග සමයේ තම හොඳම කාලය වාර්තා කිරීමට, කෙටි දුර ධාවන ශූඍ යුපුන් අබේකෝන් සමත් වුණා.
ඒ, ඊයේ ජර්මනියේ පැවති මලල ක්‍රීඩා තරගාවලියකදී.
ජර්මනියේ පැවති “ඇන්හැල්ට් – 2025” මලල ක්‍රීඩා තරගාවලියේදී යුපුන් අබේකෝන් මීටර 100 ධාවන ඉසව්ව නියෝජනය කළා.
එහිදී ඔහු මූලික තරගයේදී හිමි කරගත්තේ තුන්වැනි ස්ථානයයි.
ඒ සඳහා යුපුන් අබේකෝන් ගත කළ කාලය තත්පර 10 යි, දශම 3 යි බින්දුවක්.
අනතුරුව ඔහු මීටර 100 අවසන් තරගයට සහභාගි වුණා.
ඉන් යුපුන් පළමු ස්ථානය හිමිකර ගත්තේ තත්පර 10 යි, දශම 1 යි අටක කාලයක් වාර්තා කරමින්. යුපුන් අබේකෝන් මිටර 100 ධාවන ඉසව්ව සඳහා මෙවර තරග සමයේදී වාර්තා කළ හොඳම කාලය ලෙසයි එය සටහන් වන්නේ.
