ලෝක මානසික සෞඛ්‍ය දිනට සමගාමීව ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍යාංශයට අනුබද්ධ උපදේශන අංශය මගින් විශේෂ සැමරුම් උත්සවයක් ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍යං ආචාර්ය උපාලි පන්නිල මහතාගේ ප්‍රධානත්වයෙන් බත්තරමුල්ල, සුහුරුපාය, 19 ව්න අමහලේ පිහිටි ශ්‍රවනාගාරයේදී අද (16.10.2025 ) දින පෙරවරුවේ පැවැත්වුනා.
“හදිසි ආපදා තත්ව අවස්ථාවල දී මානසික සෞඛ්‍ය” යන්න එහි තේමාවයි. විශේෂඥ මනෝවෛද්‍ය නීල් ප්‍රනාන්දු මහතා එහිදී විශේෂ දේශනයක් සිදුකළ අතර විවිධ මානසික ස්වභාවයන් පිළිබඳව සැකසුණු වේදිකා නාට්‍යක් හා ඒ පිළිබඳව විචාරයක්ද ආචාර්ය කුමුදු ඒකනායක මහත්මිය විසින් සිදුකරණ ලදි. උපදේශන අංශය මගින් මානසික සෞඛ්‍ය පිළිබඳව සැකසුණු විද්‍යුත් සඟාරාවක් අන්තර්ජාලයට මුදාහැරීමද එහිදී සිදු විය.
සභාව අමතමින් අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිල මහතා සඳහන් කළේ උපදේශනය පිළිබඳව රාජ්‍ය ප්‍රතිපත්තියක අවශ්‍යතාව පවතින බවත් ඒ සඳහා නීතිමය රාමුවක් සැකසීමට පියවර ගන්නා බවයි. සමාජයේ පවතින සිය දිවි හානිකර ගැනීම් අවම කිරීම සඳහාත් යහපත් මානසික සෞඛ්‍ය තත්වයකින් යුක්ත ප්‍රජාවක් සහිත සමාජයක් පවත්වාගෙන යාම සඳහාත් උපදේශන සේවාවන්ගෙන් ලැබෙන සහයෝගය අගය කරන බවත් ඒ මහතා සඳහන් කරන ලදි.
මෙම අවස්ථාවට නියෝජ්‍ය අමාත්‍ය වසන්ත පියතිස්ස මහතා, ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂන හා ප්‍රජා සවිබලගැන්විම් අමාත්‍යංශයේ ලේකම් සම්පත් මන්ත්‍රීනායක මහතා, උපදේශන අංශයේ අධ්‍යක්ෂ දන්තිකා වෙඩික්කාර මහත්මිය, අමාත්‍යංශ අතිරේක ලේකම්වරු, අධ්‍යක්ෂවරු, උපදේශන නිළධාරීන් පිරිසක් ඇතුළු එක්ව සිටිහ.
