කටාර් රාජ්‍යය සහ සෞදි අරාබිය ඇතුළු රටවල් 9 ක් එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ගාසා තීරය පිළිබඳ සාම මණ්ඩලයට එක්වීමට නියමිත බව වාර්තා වනවා.
ගාසා තීරයේ ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා සහය වීම මෙන්ම, සාධාරණ හා කල්පවතින සාමයක් පවත්වාගෙන යාම මෙම සාම මණ්ඩලයේ මූලික අරමුණයි.
මැදපෙරදිග සහ ආසියාව නියෝජනය කරමින් පකිස්තානය, ඊජිප්තුව, ජෝර්දානය, එක්සත් අරාබි එමීර් රාජ්‍ය, ඉන්දුනීසියාව, තුර්කිය, සෞදි අරාබිය සහ කටාර් රාජ්‍ය යන මෙම රටවල් 9 ගාසා තීරය පිළිබඳ ජනාධිපති ට්‍රම්ප්ගේ සාම මණ්ඩලයට සම්බන්ධවීමට සැලසුම් කර ඇති බව නිවේදනය කර තිබෙනවා.
දරුණු ගැටුම් හමුවේ විනාශ වී ඇති ගාසා තීරයේ ස්ථිර සටන් විරාමයක් සහතික කිරීමේ අවශ්‍යතාව අවධාරණය කරමින් එම රටවල විදේශ අමාත්‍යවරුන් ඒකාබද්ධ ප්‍රකාශයක් නිකුත් කරමින් මේ බව ඊයේ තහවුරු කර සිටියා.
ජනාධිපති ට්‍රම්ප්ගේ නායකත්වයෙන් යුත් ගාසා තීරයේ සාම ප්‍රයත්නයන් සඳහා තම රටවල සහයෝගය ලබාදෙන බව එම අමාත්‍යවරුන් එහිදි යළි අවධාරණය කළා.
ගාසා තීරයේ රාජ්‍යත්වය, අන්තර්ජාතික නීතියට අනුකූල ලෙස තහවුරු කර එහි සාධාරණ හා කල්පවතින සාමයක් පවත්වාගෙන යමින් කලාපයේ සියලුම රටවල් සහ ජනතාව සඳහා ආරක්ෂාව මෙන්ම ස්ථාවරභාවය තහවුරු කිරීම මෙහි මූලික අරමුණ බවයි එම අමාත්‍යවරුන් පෙන්වා දෙන්නේ.
